සංගා තාම ෆෝම් එකේ එයාට ආයෙ ඇවිත් සෙල්ලම් කරන්න මං ඉල්ලුවා - මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අද දින තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් තරගයට පෙර පැවති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදී හිටපු නායක
සංගක්කාර ගැන වර්ණනාත්මක විහිළුවක් කර තිබුණි.
“මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහුවා ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා.
එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ. ඔහුගේ ක්‍රීඩා පරිචය සිහිනයක්. ඒ වගේ කෙනෙක් තවදුරටත් අපිත් එක්ක නැතිවීම අවාසනාවක්. ඒත් ඔහු හැම වෙලාවෙම අපට උදව් කරන්න සූදානමින් ඉන්නවා.උපදෙස් දෙනවා“


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment