ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 322 ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර
චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් අද
ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට ශ්‍රී ලංකා පිල තීරණය කළ අතර පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඕවර 50 අවසානයේ ලකුණු 321ක් ලබාගෙන තිබේ.
පසුවරු 6.50 වන විට ඉන්දීය ඉනිම අවසන්ව තිබූ අතර තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් පසුවිය.
අද තරගයේ ශතකයක් රැස් කිරීමට ධවාන් සමත් විය. ඔහු ලබාගත් ලකුණු 125 ට 4 පහර 15 ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.
ෂර්මා ලබාගත් 78 හා දෝනි ලබාගත් 63 ඉන්දීය ඉනිම නැංවීමට ඉවහල් විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලිංග කඩුළු 2 ක්ද ලක්මාල් හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින්ද ලබා ගත්හ. නුවන් ප්‍රදීප්ට  කෝලිව 0 ට දවා ගන්නට හැකිවීම විශේෂ සිදුවීමක් විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment