මී ගවයින්ගේ තෙල් බෙදිල්ල - Fuel Crisis

මී ගවයින්ගේ තෙල් බෙදිල්ල - Fuel Crisis
ගැහිලි වලට පරසිද්ද පවුලේ බෝල ගහපු එකා හාබර් එකෙන් ගලවලා මේකට දැම්මේ බෝල ගහන්න නෙමේය. පැස්ටෝල් ටික බෙදන්නය. එයා ක්‍රිකට් ගහලා ඉවර වෙලා ගොඩාක් කල් ගියත් තාමත් හිතාගෙන ඉන්නේ සිරි ලංකා ටීම් එකේ කැප්ටන් කියලාය. එයා කප් එකක් දිණපු එක ඇත්තය. ඒත් ගෙදර ගියේ ඊළඟ වර්ල්ඩ් කප් එකෙන් පුක නැතිවෙන්නම කාලාය. 
 
ආන්ඩුවේ තෙල් සංස්ථාවට කරන්න තියෙන එකම වැඩේ තෙල් ටික බෙදා හරිනා එක ඉතරය. දැන් පිරිපහදු කෙරෙන්නේත් නැතිය. ඒවා කැඩුනාට හදන්නේත් නැතිය. ඒ පිරිපහදු කරපුවා ගේන කොට ලැබෙනා ගතම් එක වැඩි නිසාය. ඒ කාළේ බාල තෙල් බෙදාපු සුසිල් ප්‍රේමජයන්තයා, පුත්තු දෙන්නාත් එක්ක තෙල් සංස්ථාව කුජීත කරපු නිසා, ඒවායෙන් ගැලවෙන්න ආන්ඩුවේ එල්ලිලා ඉඳගෙන, නළ පද්දතියේ සවි ශක්තිය ගැන කියනවාය. ඒ යකා ඇමති වෙලා ඉන්න කාළේ ඒවා කරන්න බැරි වෙන්න ඇත්තේ ගැහිල්ලටම මුළු කාළයම යෙදෙව්ව නිසා වෙන්න ඇතිය. 
 
තෙල් බෙදාහැරීමෙන් 80% අයිති තෙල් සංස්ථාවටය. කලින් කිව්වාක් මෙන් මේ සංස්ථාව තෙල් හාරන්නේත් නැතිය, උඩට ගන්නේත් නැතිය, තෙල් ගොඩබාන්නෙත් නැතිය, පිරිපහදු කරන්නේත් නැතිය, වෙන කිසිම දෙයක් කරන්නේත් නැතිය. කරන එකම දේ බෙදාහරිනා එක ඉතරය. ඉතින් ඕක හරියට කොරන්න, අමතිවරුයි, ලේඛමාලායි, සභාපතිලායි, අජ්ජක්ෂකවරුයි, හැට හුටාමාරක් ඕනා නැතිය. ඕනා කරන්නේ ඉස්ටෝක් මේන්ටන් කරන එකෙක් හා ඒක කරියට කරනවාද කියා බලනා එකෙක් ඉතරය. 
 
20% තියෙන IOCL එක ලාබ ලබන්නයි. 80% තියෙනා සංස්ථාව පාඩු ලබන්නයි හේතුව මොකක්ද කියා ඕන ගොනෙකුට තේරෙනවාය. ඕක ඇවිල්ලා හොර ගුහාවක්ය. ඉස්සර සුද්දාගේ අතේ තිබුන පැස්ටෝල් කම්පැනි තුනම ජනසතු කළේ 56 විප්ලවේ ගෙනත් රට කෑ හෙනහුරාය. අද මේ රට විනාශය කරා ගෙනියන්නේත් 56 බූරු පුත්තු හෙවත් රට කෑ උන්ගේ දෙවන තෙවන පරම්පරාවය. 
 
ජෙප්පෝත් ගහන්නේ අමු බයිලාය. උන්ට තියෙනා පුකේ අමාරුව තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන එකය. රණතුංගලාට මෙන්ම බාල තෙලා හෙවත් සුසිලාටත් ඒ ගැන මාර පුකේ අමාරුවක් තියෙනවාය. තෙල් ටික හරියට බෙදන්න බැරි කාළකන්නින්ට, ඒ තෙල් ටැංකි ටික නොව, ඉන්දියාවේ තෙල් ටැංකි දුන්නත් කතාව ඔච්චරය. මුන් වැඩ බැරි ටාසන්ලාය. 
 
ඔය ගබඩා පහසුකන් කතාව අමූලික බොරුවක්ය. කොළොන්නාවේ හා මුත්‍රාජවෙල තියෙනා ගබඩා පහසුකම් මාසයකටත් ඇතෙයි කියලා කියන්නේත් සංස්ථාවේ මී ගවයින්මය. හරිය ඉස්ටෝක් මේන්ටේන් කොරනවා නම්. ඇනවුම් නිසි ලෙස කරනවා නම්, අම්මට සිරි ලංකාවට ඒවා ඕනාවටත් වඩා වැඩිය. සංස්ථාවෙ උන්ගේ ගොන් කම් කොච්චරද කියනවා නම්, ඊළඟ තෙල් නැව එන වේලාවවත් උන් දැනගෙන උන්නේ නැතිය. එන වේලාව ගැනද කිව්වේ අමූලික බොරුය. 
 
ඇමතිවරු ලේඛම්වරු පමණක් නොව යුනියන් වලද ඉන්නේ අමූ මී ගවයින්ය. උන්වත් මේ බව දැනගෙන උන්නේ නැතිය. තෙල් ගහන්නේ මමද කියා සරළ ජනාධිපති උන්නාන්සෙ මල පැනගෙන අපෙන් අහනවාය. තෙල් ගහන්නේ ඔහේ නෙමේ කියා අප දන්නවාය. ඒත් ඇමතිකම් වලට මී ගවයින් හා කම්බා හොරුන් පත් කරන්නේ අපි නොවේ කියාත් අපි දන්නවාය. 
 
මෙළෝ රහක් නැති කාළකන්නි හා හොරුන් රැලක් සමඟින් මේ රට අසමත් රාජ්ජ්යක් කොරලා අහවරය. මහ ළොකු ඉන්දියන් විරෝධීන්ගේ පුක වල් වලට මෝදිගේ නැවෙන් එන තෙල් ටික ගහලා, ෆයර් වෙලා ඉන්න වෙලාවේ ලොක්කත් එයින් ටිකක් ඇඟේ වත්කොර ගත්තත්, අපට නම් ඇවුලක් නැත්තේය. මොකෝ අපට නම් දැන් ඔහේ ඉන්නවාට වඩා විසිවෙලා යන එක හොඳය. ඒක රටටත් හොඳය. 
 
මෙහෙව් රටකට ආයෝජකයෝ එන්න, උන්ගේ පුකේ අමාරුවක් හෝ වෙන මොළේ අමාරුවක් තියෙන්නට ඕනෑය. විදෙශ් ආයෝජන නැතිව මේ රට ගොඩ ගන්නවාත් බොරුය. අද දියවන්නාවේ ගව ගාලේ වාර්ෂිකව පවත්වන බයිලා සජ්ජායනාවේ ගහපු බයිලා, අපි අවුරුද ගානක්ම අහලා තිබෙනා බයිලාම මිස අළුත් එවා නම් නෙමේය. මේ අවුරුද්දෙත් ටැබ්ලට් දෙන්නේ, ගිය අවුරුද්දේ දීපූ ටැබ්ලට් බීලා ඉවරවෙලා ඇති නිසා වෙන්න ඕනාය. වෙන් කරනා මුදලවත් වියදම් කර ගන්න බැරි මී ගව ඇමතිවරුන් ඉන්නා රටේ, ඔය බයිලා ගහනවාට වඩා එදාට කුණු කාණුවක් සුද්ද කරා නම් මදුරුවෙක්කත් මරා ගන්නට ඇහැකිය. 
 
අපේ රටට අබ සරණය...!!!
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment