ලංකාවට ආ උමාලි ආරක්ෂකයන් පිරිවරාගෙන

සාරංග දිසාසේකරගේ විවාහය දෙදරායාම පිළිබඳ පැතිර ගිය කටකතා සනාථ කරමින් ඔහුගේ විවාහක බිරිය වන උමාලි මේ දක්වා ජපානයෙ සිට පැමිණ පසුගිය 1වනදා
පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ සාරංග නැතිවයි.
නිනෝ ලයිව් නමැති චිත්‍රපටයේ මුහුරත් උළෙල වෙනුවෙන් ඇය පැමිණ එහිදී චිත්‍රපට ශාලාවේ ආලින්දයේ
ඉදිරිපත් කිරීමක් කරන ලද අතර ඇය එහි උඩුමහල් කොටසට නැග ඉදිරිපත් කිරීම කරන අතරවාරයේ ඇය වෙනුවෙන් එවන ලද බව කියන ආරක්ෂකයින් ඇය සිටින ස්ථානයට කිසිවෙකුට ළං වන්නට අවස්ථාවක් නොතබා ආරක්ෂාව සැපයූ බව වාර්තා විය.
මෙම උත්සවයට මෑත කාලීන ටෙලි ක්ෂේත්‍රෙය් බොහෝ නළු නිළියන් එක්වුවද සාරංග ආවේ නැති බව පැවසුණි.
උමාලිගේ පියා සුප්‍රකට ‘එක්ස් ටී‘ සමාගමේ අධිපති කෝටිපති ව්‍යාපාරිකයෙකි.ජපානයේ වැඩිවශයෙන් වාසය කරන  ඔහු දියණිය වෙනුවෙන් ආරක්ෂාව සපයන්නට ආරක්ෂකයින් එවා තිබුනේ සාරංග හා උමාලි පලහිලව්ව නිසා විවිධ සතුරු තර්ජන වලට ඇය ලක්වූ නිසා බවද පැවසිණි.
3 වනදා පවත්වන්නට නියමිතව තිබූ රයිගම් ටෙලි උළෙලේ උමාලි හොඳම නිළිය ලෙස නිර්දේශවී තිබුණ අතර උමාලි ලංකාවට පැමිණියේ එයටද සහභාගී වන අටියෙනි. නමුත් එම උළෙල කල්යාම නිසා ඇය යළී ජපානයට යනු ඇතැයි වාර්තාවේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment