මගේ හම සුදු වුනේ ක්‍රීම් එකක් නිසා බ්‍රෑන්ඩ් එක කියන්න බෑ - ඒක රහසක් - ඕෂධී හේවාමද්දුම




මගේ හම සුදු වුනේ ක්‍රීම් එකක් නිසා
බ්‍රෑන්ඩ් එක කියන්න බෑ - ඒක රහසක්
-ඕෂධී හේවාමද්දුම


පසුගියදා ලැට්වියාවේ පැවති මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් විවාහක රූ රැජිණ තරගයේ ‘පීපල්ස් චොයිස්‘ කිරුළ හිමිකරගත් ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම ගැන එම ජයග්‍රාහී ඡායාරූප පළවෙද්දී අන්තර්ජාලය තුළ අලුත් කථාබහක් ඇතිවූයේ ඇගේ සමෙහි පවතින විශේෂ සුදු පැහැය ගැනයි.
සුදු ජාතික තරගකාරියන් අභිබවා කැපී පෙනුණ ඇගේ පැහැය
පරම්පරාවෙන් ආපු සුදක්, නෑ මෙක ඇලි ගතියක්, නෑ මේක රෝගයක් ආදි ලෙස විවිධ කථා නිර්මාණය විය.
ඇගේ ෆේස් බුක් ගිණුමේ පාඨකයන්ද ඇගෙන් විහිළුවට අසාතිබුනේ ‘කවුද ඇඟේ පොටි ඇද්දේ‘ කියාය.

මෙම ප්‍රශ්නය මෙවර සතිඅන්ත පුවත්පතක් මගින්ද විමසා තිබුණ අතර ඒ සඳහා ඇය ලබාදී තිබුණ පිළිතුර පහත පරිදිය.

‘ඇත්තටම බ‍්‍රෑන්ඞ් එකේ නම කියන්න නම් බෑ. නමුත් ආලේපන නම් දානවා. ඒක නෑ කියනව නම් ඒක
බොරුවක්. මොකද අපි රංගන ශිල්පිනියො. වෘත්තීමය රංගන ශිල්පිනියො වුණාම රූපය කියන දේ ගොඩක්ම
වැදගත්නෙ.
 ඒ නැතත් මම ඉස්සර ඉඳන්ම කාන්තාවක් විදියට රූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා.
ඉතින් ලෝකෙ පුරා මම රට රටවල්වල සංචාරය කරනවනෙ. මම රටවල් විස්සකට වගේ සංචාරය කරලාතියෙනවා. ඒ වගේම මගේ මහත්තයාත් රටවල්වලට යනවා.
ඉතින් මට හොඳ බ‍්‍රෑන්ඞ් එකක් හම්බවුණොත් මම ඒ රටවල්වලින් අරගෙන එනවා. සමහර වෙලාවට ඒවා ලංකාවෙ ගන්න නැති ඒවා තියෙනවා.

ඉතින් ඇත්තටම මම සම ගැන සැලකිලිමත් වෙනවා. මොකද මට වියළි සමක් තියෙන්නෙ. ඒ නිසා මට ගොඩක්
වෙලාවට මොයිෂ්චරයිසින් කියන දේ අත්‍යාවශ්‍යම දෙයක්. ඒ වගේම ඔයිල් මසාජ් කරනවා. සමට බාත්
වර්ග කරනවා. මම ගොඩක් වෙලාවට මුළු ශරීරයටම විවිධ බාහිර ප‍්‍රතිකාර කරනවා.‘







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment