සෙල්ෆියක් නිසා ඊයේ මැරුණ සොයුරන්ගේ සිරුරක කොටසක් අද ගම්පහින් හමුවේ


කොළඹ කොටුවේ සිට අද(12) උදෑසන අඹේපුස්ස බලා ධාවනය වෙමින් තිබු දුම්රියක මැදිරි දෙකක් අතර
කොටසක සිර වී තිබු
මළ කඳ නැති හිස අද උදෑසන 6 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයට බාර දීමට දුම්රිය මගීහු පියවර ගෙන ඇත.

දුම්රිය ස්ථානයට මෙම හිස කොටස බාර දීමෙන් පසුව පොලීසියට දැනුම් දී ඇති අතර එහිදී කළ පරීක්ෂාවේදී හෙළිව ඇත්තේ මෙම හිස කොටස ඊයේ (11)කොල්ලුපිටිය ප්‍රදේශයේදී ජායාරූප ගැනීමට යාමේ දී දුම්රියක ගැටුනු සොහොයුරන් දෙදෙනාගෙන් අවුරුදු 12 ක වයසේ අයගේ හිස බවය.

අනුරාධපුර නව නගරයේ පදිංච් පවුලක දරු දෙදෙනෙකු මෙලෙස ඊයේ අනතුරට පත්ව තිබුණි.

සොහොයුරන් දෙදෙනා ජායාරූප ගනිමින් සිටියදී දුම්රියෙහි ගැටීමෙන් වයස 12 ක දරුවාගේ හිස කොටස ගැලවී ගොස් දුම්රිය මැදිරි දෙකක් අතර කොටසේ මෙලෙස සිරවී තිබී ඇත.

මෙම සිරුරක හිස කොටස නොමැති බව පොලීසිය විසින් දැනුම් දී තිබී ඇති අතර මේ අනුව හිස කොටස කොල්ලුපිටිය පොලිස්ථානය වෙත බාර දීමට පියවර ගත් බව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩ්බ්ලිව්.ඒ.ගෆාර් මහතා පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment