මහ බැංකුව තමුන්ට දාන නීති නවතන්නැයි ඉල්ලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් දැමූ පෙත්සම විසිවෙයි

තම සමාගමේ ව්‍යාපාර කටයුතු සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ මාර්ගෝපදේශමාලා
අවලංගු කරන ලෙස ඉල්ලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නිකුත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
 අදාළ පෙත්සම අද (01) කැඳවූ අවස්ථාවේ අභියාචනාධිකරණය ගාස්තුවට යටත් කොට එය ප්‍රතික්ෂේප කර ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේ විරෝධතාවක් මතු කළ නීතිපතිවරයා පෙත්සම්කාර සමාගමේ ලියාපදිංචි නාමය සම්බන්ධයෙන් දෝෂයක් පවතින බවද පෙන්වා දී තිබේ.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇතත් රජයේ නීතීඥවරයා පෙත්සම ගාස්තුවට යටත් කොට ප්‍රතික්ෂේප කළ යුතු බව ට කළ ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු රෝෂිණී වල්ගම, එස් තුරේයිරාජා යන විනිසුරුමඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරන ලදි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment