ගංවතුරේ වියෝ දුකට අවභාවිතාවූ වැල්ලවත්තේ ගොඩනැගිල්ල නිසා මියගිය කාන්තාවගේ පුතුගේ ඡායාරූපය


ගංවතුරේ වියෝ දුකට අවභාවිතාවූ
වැල්ලවත්තේ ගොඩනැගිල්ල නිසා
මියගිය කාන්තාවගේ පුතුගේ ඡායාරූපය


පසුගියදා වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි කඩා වැටීමක් නිසා මියගිය පිරිස අතර අවසන් වරට හමුවූ
ෂන්මුගම් අන්නලෙච්චමී නමැති 60 හැවිරිදි කාන්තාවගේ පුතු හඬන ඡායාරූපයක් ඊට සතියකට පසු සිදුවූ ගංවතුර නිසා අහිමිවූවෙකුගේ හිතවතෙකු ලෙස හඟවමින්
අන්තර්ජාලය තුළ අවභාවිතාවී තිබෙන බව වාර්තාවේ.
මොරටුව ප්‍රදේශයේ පදිංචි ඇය එම ගොඩනැගිල්ලේ පිරිසිඳු කිරීමේ රැකියාවක නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස එම අනතුරට ලක්ව මියගොස් තිබුණි. එම අනතුරින මියගිය අනෙක් අයගේ සිරුරු හමුවුණත් ඇයගේ සිරුර හමුවූයේ දින 3 ක් පමණ
සිදු කළ කැනීම් වලින් පසුවය.
ඇගේ පුතු වන මලයප්පා එම දීර්ඝ කාලය පුරාම ඉවසමින් තම මවට සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් ඒ ආසන්නයේ සිටියේ හැඬූ කඳුලිනි. මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා ඡායාරූප සහිතව ප්‍රචාරය විය.
කෙසේ වෙතත් සිරුර හමුවීමෙන් දින 5 කට පමණ පසු දිවයින පුරා ගංවතුර තත්වය උත්සන්න වී ජීවිත රැසක් අහිමිවීමේ ඛේදවාචකයද සිදුවූ අතර මලයප්පාගේ දුකින් සිටින ඡායාරූපයට අදාළ විස්තරය නොබලා අන්තර්ජාලය තුළ හුවමාරුවී තිබුනේ ගංවතුරෙන් විපතට පත්වූ අයෙකුගේ ශෝකය නිරූපණය කරන්නටය.
මෙම ඡායාරූපය වැල්ලවත්තේදී ලබාගෙන තිබුනේ ඒඑෆ්පී විදෙස් මාධ්‍ය වෙනුවෙන් ඉෂාර එස්. කොඩිකාරයි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment