අවුරුද්දකට වඩා හිරේ හිටිය අනුර සේනානායකට ඇප ලැබේ

රිමාන්ඩ් භාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකව ඇප මත මුදා හරින ලෙස අද (02) කොළඹ ප්‍රධාන මහාධිකරණය  ‍ෙනියෝග කලේය.

 රුපියල්
ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහුව මුදා හැර තිබේ. මෙහි එක් ශරීර ඇපයක් සඳහා ළඟම ඥාතියකු ඉදිරිපත් විය යුතු බවට නියෝග දී තිබූ අතර විදෙස් ගමන් තහනම් කෙරුණි. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබිණි
සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද අනුර සේනානායකට නියම කෙරිණි.
 දැඩි කොන්දේසි මත අනුර සේනානායකට  ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ විරෝධතාවයක් දැක්වූයේ නැත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අනුබල දීමට සැකපිට අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ රැඳවීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment