පාකිස්තානු තරගයෙන් - ශ්‍රී ලංකාව පරදී - තරගාවලියෙන් ඉවතට

චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අද එංගලන්තයේ කාර්ඩිෆ්හි පැවති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම
තෝරාගන්නට පාකිස්තානය කටයුතු කළ අතර ශ්‍රී ලංකාව මුල් ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 236 කි.දික්වැල්ල 73 ක් හා මැතිව්ස් 39 ක් ලබාගන්නා ලදි.
පාකිස්තානය වෙනුවෙන් ජුනයිඩ් කාන් හා හසන් අලී කඩුළු 3 බැගින් දවාගන්නා ලදි.
දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය මෙම ලකුණු සංඛ්‍යාව පසු කළේ 44 වන ඕවරයේදීය.
ෆකාර් සමාන් 50ක් හා සෆ්රාස් අහමඩ් නොදැවී 61 ක් ලබාගන්නා ලදි.
ප්‍රදීප් කඩුළු 3ක් ලබාගත්තේය.
පාකිස්තානු ඉනිම මැදදී ඇද වැටුණ අවස්ථාවේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ඇතිවූ නමුත් සෆ්රාස් අහමඩ්ගේ ඉවසිලිවන්ත ඉනිම නිසා පරාජය ජයග්‍රහණයක් කරවන්නට ඔහු සමත් විය.
තීරණාත්මක අවස්ථාවක මාලිංග යැවූ පන්දුවලට උඩපන්දු දෙකක් ලැබුණ නමුත් දුර්වල පන්දු රැකීම නිසා එම අවස්ථාවන්හි කඩුළු ලබාගන්නට ශ්‍රී ලංකාවට බැරි විය.
මෙම තරග පරාජය නිසා ශ්‍රී ලංකාවට චැම්පියන්ස් කුසලානයෙන් ඉවත්වන්නට සිදුවේ.
බී කාණ්ඩයේ ඉන්දියාව හා පකිස්තානය අවසන් පූර්ව තරග සඳහා යොමුවනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment