ඕස්ට්‍රේලියාවේ සිට මැලේසියාවට ආ යානයේ
බෝම්බ බියක් ඇති කළ ලාංකික මගියා අත්අඩංගුවට
ඕස්ට්‍රේලියානු වේලාවෙන් ඊයේ රාත්‍රී 11.11ට මෙල්බර්න් නුවරින් මලයාසියාව බලා පියාසර කළ MH 128 ගුවන් යානයක බෝම්බ බියක් ඇති කළ ශ්‍රී ලංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකික මගියා නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරමින්
තමා සතුව බෝම්බයක් ඇති බවට කාර්ය මණ්ඩලය බියවද්දා ඇති බව වාර්තා වෙයි.කෙසේ වෙතත් ඔහුට නියමු කුටියට ඇතුළු වීමට ඉඩ නොතබා මෙල්ල කරගෙන ඇති කාර්ය මණ්ඩලය ගුවන් යානය පැය භාගයකට පසු යළිත් මෙල්බර්න් ගුවන්තොටුපොළටම හරවා ගොඩබස්වා ඇත.
මෙම කලබලය ඇති කළ යානයේ මගීන් 300 ක් පමණ සිටි බවද වාර්තා වේ.
පසුව ආරක්ෂක අංශ පැමිණ සැකකාර ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගෙන ඇත.
මලයාසියාවේ නියෝජ්‍ය ප්‍රවාහන ඇමති, අබ්දුල් අසිස් බින් කප්රාවී කියා පැවසූවේ, මෙම මගියා බීමත්ව මනෝ විකාරයෙන් සිටි බව පෙනෙන්නට තිබුණ බවයි.
සිද්ධියෙන් පසු ශ්‍රී ලාංකික මගියා වික්ටෝරියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
0 comments :
Post a Comment