ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය බංග්ලාදේශයේදී දූෂණයට




ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය
බංග්ලාදේශයේදී දූෂණයට


බංග්ලාදේශයේ චිතගොං නුවර විද්‍යා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17 හැවිරිදි ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක දූෂණයකට ලක්වීමේ පුවතක් එරට පුවත්පත් වාර්තා කර තිබේ.

බංග්ලාදේශයේ පළවන ඩේලි ස්ටාර් හා ප්‍රොතොම් අලෝ පුවත් වාර්තා අනුව එරට කුල්සි මාර්ට් නමැති සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සහායකයෙකු ලෙස සේවය කරමින් සිටි බංග්ලාදේශ ජාතික 25 හැවිරිදි තරුණයෙකු සමග 
ජංගම දුරකතනය හරහා

කතා බහ කිරීම ආරම්භ කර හිතවත් කමක් ගොඩනගාගෙන තිබෙන මෙම සිසුවිය රවටා පසුගිය ඉරිදා දිනයේ ඔහු ඇයව හෝටලයකට රැගෙන ගොස් තිබෙන අතර එහිදී දූෂණය කර තිබේ.
තමාව දූෂණය කිරීමෙන් අනතුරුව තරුණයා පළාගිය බවත් ඇය හැඩූ කඳුලින් යුතුව නැවත නවාතැනට පැමිණීමෙන් පසු පොලිසියට පැමිණ සිද්ධිය විස්තර කළ බවත් වාර්තාවේ.
සිද්ධිය සිදුවූ බව කියන චිතගොං නගරයේ හෝටල් කාමරයද පොලිස් පරීක්ෂාවට ලක් විය.
අතවර කළ බව කියන තරුණයා අරිෆර් රහ්මන් ලෙස හඳුනාගෙන තිබුණ අතර පසුව ඔහු අම්බගන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර ඇත.
හිංසනයට ලක්වූ සිසුවිය  17 හැවිරිදි අඩු වයසේදීම බංග්ලාදේශයේ වෛද්‍ය උපාධියකට ලියාපදිංචිවීමද ගැටලු ඇති කර තිබේ.
සිසුවිය නැවතී සිටින නේවාසිකාරය ආසන්නයේ හෝටලය පිහිටා තිබී ඇති අතර ඇය සිද්ධිය වූ දින පෙම්වතෙකු වෙත යන බව නේවාසිකාගාරයේ සිටි කිසිවෙකු හෝ දැන සිට නැත.
අත්අඩංගුවට පත් තරුණයා උසාවියට ඉදිරිපත් කරන්නට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment