ප්‍රේක්ෂකයින් කුපිත කළ රහල් - කවින්ද්‍යාගේ වැඩසටහන ඇණහිටී

ප්‍රේක්ෂකයින් කුපිත කළ 
රහල් - කවින්ද්‍යාගේ වැඩසටහන ඇණහිටී

පසුගිය 27 වන සෙනසුරාදා ස්වර්ණවාහිනී නාලිකාවේ උදේ 9-10 වේලාවේ විකාශයවූ ‘ටොප් ටෙන් සුපර් හිට්ස්‘ නමැති චාට් ෂෝ වැඩසටහන අතරතුර ගංවතුර ආපදාව නිසා විනෝද වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයකට රහල් නමැති නිවේදකයා කුපිතවී ‘මාව කේන්ති ගස්සන්න එපා‘ ලෙස පිළිතුරු සැපයීම ආන්දොලනයට
ලක් විය.

චාට් ෂෝ වැනි විනෝද අංග ඉදිරිපත් කිරීම අවස්ථානුකූලව නොගැළපෙන බව පෙන්වාදුන් එම ප්‍රේක්ෂිකාවගේ අදහසට එම නාලිකාව ගරු කළ බවක් පසුගිය අඟහරුවාදා වනතුරු දිස්වූයේ නැති අතර ඔවුන්ගේ වෙනත් චාට් ෂෝ වැඩසටහන්ද ඉදිරිපත් කරන ලද්දේ ගංවතුර ගැන දෙබස් ඉදිරිපත් කරමිනි. සෙනසුරාදා යළි රහල් හා කවින්ද්‍යා එන බවද ඒ වනවිටත්  ප්‍රචාරය කරමින් තිබුණි.

කෙසේ වෙතත් අද ජුනි 3 සෙනසුරාදා පසුගිය සතියේ වේලාවට රහල් හා කවින්ද්‍යාගේ මෙම වැඩසටහන ස්වර්ණවාහිනියෙන් විකාශය වූයේ නැත. ඒ වෙනුවට වෙනත් වැඩසටහනක් විකාශය වූ අතර පහළ තීරුවකින් දිස් වූයේ  ‘ටොප් ටෙන් සුපර් හිට්ස් වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බැවින් අද විකාශය නොවේ‘ යනුවෙනි.
මේ අතරතුර රහල් අල්විස් නමැති ආන්දෝලනයට ලක්වූ නිවේදකයා පුවත්පතකට පවසා ඇත්තේ තමන් වැඩසටහනින් ඉවත් වන බවයි.
ආන්දෝලනයට මුල්වූ වැඩසටහන් කොටස නැවත පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment