කාලොගෙයි මගෙයි ෆ්‍රෙන්ඩ්ෂිප් එක අවුරුදු 40 ක් පරණයි - රාජිත

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අද මෙසේ කියා තිබේ.

"මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සහ මා අතර ඇත්තේ 40 වසරක මිත්‍රත්වයක්. එම වසර 40 ක මිත්‍රත්වය පලුදූවීමට ක්‍රියා නොකරන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මා හට ප්‍රකාශ කර තිබුනා.
70 දශකයේ මමත් කාලෝ ෆොන්සේකා මහතාත් වෘත්තීය සමිති අරගල වල නිරත වුනා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි සභාපතිධූරය දැරූ කාලය තුල මා දැක් වූ සහයෝගයට ද කාලෝ ෆොන්සේකා මහතා ස්තූතිය පුද කරමින් මට දූරකථන ඇමතුමක් ලබාදූන්නා."

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (10) දින මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමු වූ විට එතුමා වදිමින් ඉල්ලා සිටියේ වර්ජන නොකරන ලෙසයි. නමුත් එම සංගමයේ නිලධාරීන් වැඩවර්ජන කරන බව ප්‍රකාශ කරමින් අහිංසක ජනතාව විනාශ කිරිමට උත්සාහ කරනවා. ජනතාවට තර්ජනය කරනවා. අතීතයේ අන්තවාදී කල්ලිවලත් මෙවැනි අය සිටියා. නමුත් ඔවුන් දියුණු මානසිකත්වයෙන් වර්තමානයේ අදහස් පළ කරනවා. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි සංගමයක්. ඔවුන් කරන්නේ ගෞරවනීය වෘත්තීයක්. නමුත් අද එම
සංගමයේ හැසිරිම හේතුවෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය ගිලිහෙමින් පවතිනවා. වෘත්තීය සමිති ගරුත්වයත් ගිලිහෙනවා"

"මාලඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ 2006 වසරේ දී ඒ කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පළ කලේ නැහැ. දූරකථන ඇමතුම්වලට බිය වුනා. නමුත් යහපාලනයට පිං සිදූ වෙන්නට ඔවුන් වීරයන් වෙලා. මහාචාර්ය කාලෝෆොන්සේකා මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශ පිළිමතලාව දිසාව විසින් රජකම දෙන්න හදනකොට එපා කිවුවා වාගේ වැඩක් තමයි වුනේ. මෙම වර්ජන පිටුපස දේශපාලන අරමුණක් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙසතියකට වරක් පසුගිය රජයේ නායකයින් හමුවෙනවා. වෘත්තීය සමිති ගැටලු පිළිබදව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකචිඡා කරන්නේ නැහැ. නමුත් අනෙක් වෘත්තීය සමිති මා සමග සාකචිඡා පවත්වනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment