හොරෙන් ගල් කැඩූ මහින්ද රාජක්ෂගේ රියදුරු හිරේ

රජයේ දේපළ අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ඇතුළු දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනා
ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ බවට වාර්තා වේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩමක නීති විරෝධී ආකාරයට ගල් කොරියක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් දෙකෝටි අනූ ලක්ෂයකට වැඩි පාඩුවක් සිදු කිරීම හේතුවෙන් තිස්ස විමලසේන හා ලාල් සිරිසේන යන සැකකරුවන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබද තීන්දුව ප්‍රකාශයට පත් කළ කො‍ළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවය.

මෙහිදී දෙවන සැකකරු වන ලාල් සිරිසේන නැමැත්තා මහේස්ත්‍රාත්වරිය වෙත රහසිගත ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා දී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment