ඩේවිඩ් කැමරන් අපිළිවෙල ජීවිතයකට යොමුව ඇති බවට කථාබහක්

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් දැන් අපිළිවෙල
ජීවිතයකට හුරුව ඇති බවටත් තම ඇඳුම ගැන සැලකිලිමත් නොවී එකම ඇඳුම අඳිමින් උත්සව වලට සහභාගී වන බවටත් ඩේලි මේල් පුවත්පත වාර්තාවක් පළකරමින් දන්වා ඇත.
කැමරන්ගේ බිරිය සමන්තා විලාසිතා පිළිබඳ විශේෂඥවරියකවී සිටියදී තම සැමියාගේ ඇඳුම් ආයිත්තම් ගැන උනන්දු නොවීම පුදුමයට කරුණක් බවද එම වාර්තාවේ දක්වා තිබේ.
 ඩේවිඩ් කැමරන් ඡායාරූපයට නැගුණ අවස්ථාවක ඔහු ඇඳ සිටි ඇඳුම් මින් මසකට ඉහතදී ඔහුව ඡායාරූපයට නැගුණ අවස්ථාවක ඇඳුමත් සමාන වීම මෙම වාර්තාවට පදනම් වී තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති ධූරය දරන සමයේ ඔහු එවැනි චර්යා රටාවක් නොපෙන්වූ බවත් මේ වනවිට ඔහුගේ ජීවිතය වෙනස්වී තිබීම මෙම අවුලට හේතුව බවත් එහි දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment