එංගලන්තයේ සිටි සංගා අර්ජුනගේ කතාවට උත්තර දෙන්න බීබීසී මැදිරියට කැප් එකත් දාන් තකහනියෙම ගිහින්



එංගලන්තයේ සිටි සංගා
අර්ජුනගේ කතාවට උත්තර දෙන්න
බීබීසී මැදිරියට කැප් එකත් දාන් තකහනියෙම ගිහින්



මේ දිනවල වෙන කවරදාටවත් වැඩියෙන් ඇවිළ යන ක්‍රිකට් ගින්න හැම අතටම විහිදෙන්නේ විසඳුමක් නැතිවය. තරග පරාජ වලින් පසුව ඇමති දයාසිරි කියූ දේවල්වලට මාලිංග උත්තර දී කරුණු ඇවිස්සෙන අතර චාලි ඔස්ටින් ගැන පරීක්ෂණ වාර්තා කැඳවීමත් සමග මහේල සංගා වැනි මේ ගැන සෘජුව කථා නොකළ චරිතද දැන් කරළියට පැමිණ
කථා කරති. මේ අතර

සංගා කියූ දේවල් වලට ඛනිජ තෙල් සංවර්ධනය පසෙකලා ඇමති අර්ජුනද අදහස් දැක්වීමක් කළ අතර එය එංගලන්තයේ සිට අසා සිටි සංගා ඊට පිළිතුරු දීමට කැප් එකකුත් දාගෙන බීබීසී සිංහල අංශයේ මැදිරියකට ගියේය.
මේ වනවිට බීබීසී සිංහල ගුවන් විදුලි නාලිකාව නතර කර තිබුණත් සංගාගේ අදහස් දැක්වීමට විශේෂ ඉඩක් ලබාදී එය පටිගත කරන ලද ඔවුන් එය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළේ පහත පරිදිය.
එහිදී තමා අර්ජුනගේ නම කියා කිසිවක් නොකී බව පවසන සංගා අයිසීසීය ඉතාම විනිවිද භාවයකින් යුතු ස්ථානයක් බවත් තමා පෙර වැරදි කර ඇති නම් ඒවා ඔප්පුවනු ඇති බවත් කියා සිටියේය. එසේම තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තව ටික කලකින් මුළුමනින්ම සමුගන්නා බවත් අසත්‍ය කරුණු ගෙනහැර පෑම වරදක් බවත් පෙන්වා දුන්නේය.
සංගා අර්ජුනට දුන් උත්තරයේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment