මෙතෙක් නොවූ විරූ අඛණ්ඩ වෛද්‍ය වර්ජනය හෙට සිට


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරු 'සයිටම්' අර්බුදය විසදා ගැනීම සඳහා හෙට (5දා) දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරක බව දන්වා තිබේ.
මෙය විසඳුම ලබනතෙක්
නොනවතින මෙතෙක් නොකෙරුණු ආකාරයේ වැඩ වර්ජනයක් බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉකුත් 24දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ සාකච්ඡාවේදී එකඟත්වය පළ කළ කරුණු හතරම අනුව 'සයිටම්' ගැටලුව බොහෝ දුරට විසඳීමට කටයුතු කළ බව පැහැදිලි යැයි, සඳහන් කරන සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, එම සියලුම එකඟතා බිඳ දැමීමට ඇමැතිවරයකු කටයුතු කිරීම නිසා, වෛද්‍යවරු වැඩ වර්ජනයකට තල්ලුකිරීමේ පසුබිම සැකසුන බව පැවැසීය.
මින් ඉහත 1980 දශකයේ රාගම උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීම සිදුවූයේ අඛණ්ඩව දින 27 ක වර්ජනයක් පැවතීමෙන් පසුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment