නෙවිල් රෝහල රජයට පවරා ගත් මුවාවෙන් ආණ්ඩුව කරේ බද්දට ගැනීමක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් මුවාවෙන් ආණ්ඩුව සිදු කළේ එම රෝහල වසර 10කට බද්දට ගැනීමක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චෝදනා කරයි.
වසර 10කට බදු පැනවීම හරහා සිදු වන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ගත් ණය මුදලත් පියවා රෝහලත් පිළිසකර කර දී එය නැවත ඔහුටම භාරදීමේ ක්‍රියාවලියක් බවද සිල්වා මහතා පෙන්වා දෙයි.

ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්, පාඩු ලබන රාජ්‍ය ආයතන යැයි කියා හම්බන්තොට වරාය,
කොළඹ වරාය, නැඟෙනහිර ජැටිය එයාර් ලංකා සමාගම වැනි ආයතන විකිණීමට පිඹුරුපත් සකසන ආණ්ඩුව පාඩු ලබන නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම එකිනෙකට පරස්පර විරෝධී ක්‍රියාවක්.
සයිටම් විරෝධී සිසුන් ඔවුන්ගේ මවුපියන් හා වෛද්‍යවරුන් මෙන්ම දේශපාලන පක්ෂ දිගින් දිගටම ඉල්ලා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය වසා දැමීම මිස නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම නෙවෙයි. සයිටම් ගැටලුව විසඳන තුරු පක්ෂයක් ලෙස ජවිපෙද සටන අත්හරින්නේ නැහැ.
ආණ්ඩුව පොදු ජනතාවගේ හඬට කන් නොදී නෙවිල් ප්‍රනාන්දුගේ මුදලට යට වෙලා කටයුතු කරනවා.
ආණ්ඩුවේ පැලැස්තර විසඳුම් හෝ මුදලට යට වී සිදුකරන ක්‍රියාමාර්ග වහා නවතා සයිටම් ආයතනය වසා දැමීමට අවශ්‍ය පියවර ගත යුතු යි කියලා ජවිපෙ ලෙස අවධාරණය කරනවා.

2015 වසරේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දුන් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නවා නම් පාඩු ලබනවා යැයි කියන රාජ්‍ය ආයතනද රජය හරහා වැඩිදියුණු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු වෙනවා.

අනුරාධා හේරත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment