2017 රමෝන් මැග්සයිසේ සම්මානය ලංකාවේ ගෙත්සි මහත්මියට


නිහඩව විශිෂ්ට මෙහෙවර සිදු කරන පුද්ගලයින් සඳහා පිරිනමන පිලිපීනයේ ‘‘රමෝන් මැග්සයිසේ’’සම්මානය මෙවර හිමි වන කිහිපදෙනා අතර ශ‍්‍රී ලාංකිකයෙකුද සිටී.
ඒ යුද්ධයේ පීඩාවට පත්වූ

අයට මානසික සහන සැපයීම වෙනුවෙන් වසර 40 කට වැඩි කාලයක් මෙහෙවරක නිරතවූ ගෙත්සි ෂන්මුගම් මහත්මියට ය.
මින් ඉහත මේරී රත්නම්, ටාර්සි විට්ටච්චි,ඒ. ටී. ආරියරත්න,ජෝෂප් ෆර්ඩිනැන්ඩස්,එල්. ටී. පී. මංජු ශ‍්‍රී,මර්සිලින් ජයකොඩි, එදිරිවීර සරත්චන්ද්‍ර,ඩබ්ලිව්. ඩී. අමරදේව,ආනන්ද ගලප්පත්ති ඇතුළු 9 දෙනෙකු මෙම සම්මානය ශ්‍රී ලංකාවට දිනාදී ඇත.
මැග්සයිසේ සම්මානය ශ‍්‍රී ලාංකික කාන්තාවකට හිමිවන දෙවන අවස්ථාව මෙයයි.
ගෙත්සි ෂන්මුගම්  මහත්මිය මින් ඉහත ජනපති සමමාන වලින් පවා පිදුම් ලබා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment