ආණ්ඩුව 2020 වෙනකං වැටෙන්නෙ නෑ - ජනාධිපති

ආණ්ඩුව 2020 වෙනකං වැටෙන්නෙ නෑ - ජනාධිපති

 

ආණ්ඩුව බිඳවැට්ටවීම සඳහා විවිධ පාර්ශ්වයන් විසින් කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිගේ අනුදැනුම නොමැතිව ආණ්ඩු ගෙදර යැවිය නොහැකි බවයි. ඒ අනුව යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමට නම් තමාගේ කැමැත්ත අනිවාර්ය බවයි සිරිසේන මහතා පවසන්නේ.

එජාපය සහ ශ්‍රීලනිපය අතර ඇති එකඟතාවය දෙසැම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර එහෙත් එම එකඟතාවය 2020 දක්වා දීර්ඝ වනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එජාපයේ මෙන්ම ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීවරුන් ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සිදුකළද වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ද ජනාධිපතිවරයා පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment