ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවරට ත්‍රස්ත ප්‍රහාර 2 ක්

ස්පාඤ්ඤයේ බාසිලෝනා අගනුවරට ත්‍රස්ත ප්‍රහාර 2 ක්

 

අනතුර සිදුවූයේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ වෑන් රියක් තදබදය සහිත ස්ථානයක් වෙත කඩාවැදීම මගිනි. අනතුරින් පසුව වෑන් රියේ රියැදුරා පළා ගොස් ඇති අතර තවම ඔහු අල්ලාගැනීමට සමත් වී නැත.

මෙම පළමු සිදුවීමෙන් පැය කිහිපයකට පසු මේ හා සමානම සිදුවීමක් කැම්බ්රිල්ස් නගරයේදී සිදුවන්නට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එය වළක්වා තිබේ. මෙහිදී ද පුපුරණ ද්‍රව්‍ය පිරවූ බඳපටි පැළඳගත් පුද්ගලයන් කණ්ඩායමක් සහිත වෑන් රියක් ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත කඩාවැදීමට උත්සාහ කර තිබේ. ආර්කෂක අංශ විසින් දෙවන ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනෙක් මරා දමන ලදී.

ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාජොයි පවසා තිබෙන්නේ මෙම ප්‍රහාර ද්විත්වය ‘ජිහාඩ් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරයක්’ බවයි. ඉස්ලාමීය රාජ්‍යයට අයත් සොල්දාදුවෙක් ලෙස සලකන මොරොක්කෝ ජාතියෙක් ද එක් සැකකරුවක් වශයෙන් හඳුනාගෙන තිබේ.

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සලකන්නේ යුරෝපයේ තිබෙන සුන්දර සහ සාමකාමී ම නගරයක් ලෙස ය. 1992 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වූයේ ද බාසිලෝනා නගරයේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment