ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදාපති පත්වේ.


නව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් තනතුරට උසස් වීමක් ලබමින් පත්කර තිබේ.

හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතාට ලබාදී තිබූ සේවා දිගුව ලබන සඳුදා (21දා) අවසන් වීමට නියමිතය.

මේ අතර, සේවා දිගුවක් මත නාවික හමුදාපති ධුරයේ රැඳී සිටි වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලයද ලබන 22දායින් අවසන් වන බැවින්, ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගනිමින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර තිබේ.

ඒ අනුව, මීළඟ නාවික හමුදාපති ධුරය සඳහා නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවීස් සින්නයියා මහතා පත්කර තිබේ. ඔහු යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරක යාත්‍රා විනාශ කරමින් මහඟු සේවයක් ඉටුකළ රණවිරුවෙකු ලෙස හැඳින ගැනෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment