පනත පාර්ලිමේන්තුවට - සයිටම් එකට තවත් වෛද්‍ය සිසුන් 300ක්‌.


මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට භාරදීම නීතිපති දෙපාර්තමේන්තුව පනතක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමනාකරණය හා මෙහෙයුම් කටයුතු ඉකුත් අගෝස්‌තු 01 දා සිට ක්‍රියාත්මක වන ආකාරයට රජය භාරගන්නා බව අමාත්‍යවරයා පැවසීය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම අවසන් කරමින් පවතින බවත්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය සකස්‌ කිරීමෙන් අනතුරුව ගැසට්‌ පත්‍රයක්‌ මගින් ප්‍රකාශයට පත්කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් වෛද්‍ය සිසුන් 300ක්‌ ගන්නවා

සයිටම් වෛද්‍ය ආයතනයට එරෙහිව කවුරු මොනවා කිව්වත් තවත් සිසුන් තුන්සිය දෙනකු (300) ඔක්‌තෝබර්Êමාසයේදී ආයතනයට බඳවා ගන්නා බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (20 දා) කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් සිසුන් 200 ක්‌ සහ විදේශයෙන් 100 ක්‌ සයිටම් ආයතනයට බඳවා ගැනීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි පැවසූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතැම් ඇමැතිවරු කකුල් දෙක දෙපැත්තේ දමාගෙන රජය විවේචනය කරන බවත්, එම ඇමැතිවරුන් රජයෙන් පන්නා දමන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.


මෙවැනි දෙපිටකාට්‌ටු ඇමැතිවරුන් තවදුරටත් රජයේ තබා ගැනීම අනතුරුදායක බව ද හෙතෙම පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment