පාර්ලිමේන්තුවෙන් 94ක් සා.පෙ.ත් අසමත්

පාර්ලිමේන්තුවෙන් 94ක් සා.පෙ.ත් අසමත්

 

ඊයේ දිනයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් හිටපු කුලපතිවරයා අවධාරණය කර ඇත්තේ ජනතාව වෙනුවෙන් නීති සකස් කරනා පාර්ලිමේන්තු නියෝජිතයින් මීට වඩා තමන් නියෝජනය කරන විෂයයන් පිළිබඳව සහ නීතිය පිළිබඳව දැනුවත් උසස් පිරිසක් විය යුතු බවයි. 

එසේම යහපාලන රජය පත් වූ දින පටන් ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බරපතළ ලෙස පාර්ලිමේන්තු විනය කඩකරමින් හැසිරෙන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. 

තත්වය එවන් වුවත් අපේ නියෝජිතයින් දස්කම් දක්වන ක්ෂේත්‍ර ද තිබේ. ඔවුන් මල්වට්ටි, පළතුරු වට්ටි ඔසවාගෙන පන්සල් පල්ලි කෝවිල් ගාණේ දුවන්නට සමත්ය. වාමාංශිකයැයි කියාගන්නා පක්ෂ නායකයින් පවා මහානායකවරුන් ළඟ දණින් වැටෙන්නට සමත්ය. සාමාන්‍ය පෙළ අසමත් වුවත් තම තමන්ගේ බැංකු ගිණුම් තර කරගන්නට හොඳටෝම උගත්ය. රටේ නැති ඕනෑම බේගලයක් පණ පිහිටුවා ඇත්ත මෙන් ලවක් දෙවක් නැතිව කියන්නට ඉහළින් ම හපන්ය. අවැසි වීනම් හොඳට සිටිනා මිනිසුන් අතුරුදන් කරවන්නට පවා තරම් බලවත්ය.

කෙසේවෙතත් පාලකයින් ලැබෙන්නේ ජනතාවගේ හැටියටය. මොවුන් තම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කරගත්තේ රටේ ජනතාව විසිනි. කුප්‍රකට මර්වින් සිල්වාට ද වරක් ලක්ෂ එක හමාරක් පමණ මනාප ප්‍රමාණයක් ජනතාවගෙන් ලැබිණි. එසේම කොටුවක් තුළ කතිරය හරි හැටි ඇඳගැනීමට අසමත් වීම නිසාවෙන් සෑම මැතිවරණයකදීම ප්‍රතික්ෂේපිත වන ඡන්ද ප්‍රමාණය ද සුළු පටු නොවේ. අපට සිටිනා ජනතාවගේ හැටි එහෙමය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වරක් කියූ පරිදි අපට නම් දැන් ඇත්තේ මේ ජනතාව විසුරුවා හැර නව ජනතාවක් පත් කර ගැනීමටය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment