ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී.


ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින පිටියේ තවත් එක් කඩුල්ලක් ලබාගැනීමෙන් අනතුරව සමුගැනීමේ තීරණයට එළැඹ ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අප වෙත වාර්තා වුණා.

මේ වනවිට ඔහු කඩුලු 299ක් ලබාගෙන ඇති අතර තවත් එක් කඩුල්ලක් දවාගත් පසුව ඔහුගේ එක්දින කඩුලු 300 සම්පූර්ණ වනවා.

ඔහුගේ මෙම තීරණය පිළිබඳව මාලිංග මේ වන විට සමීපතමයින් කිහිප දෙනෙකු සමඟින්ම සාකච්ඡා කොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ තවමත් වයස අවුරුදු 33ක්වන මාලිංගට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බවයි.

කෙසේ නමුත් බොහෝ දුරට මාලිංග මෙම තීරණය නොවෙනස් කරනු ඇති බවට ඔවුන් පවසන අතර ක්‍රිකට් ඉහළ බළධාරීන් විසින් මාලිංග හට තවදුරටත් කණ්ඩායමේ රැදී සිටින ලෙස ඉල්ලීමක් සිදුකරනු ඇති බවයි ඔවුන් පවසා සිටින්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment