ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර අද FCID යට.


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුලත්වලගේ ප්‍රසන්න රණවීර මහතාට අද (29) පෙරවරු 9.30ට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID )හමුවේපෙනීසිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

එසේ ඔහු කැඳවා ඇත්තේ, ෆෑන් ඒෂියා බැංකුවේ පවත්වා ගෙන ගිය ගිණුමකට මුදල් තැන්පත් වීම සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා ය.

මෙම කාරණය සම්බන්ධයෙන් මේවනවිට කිරිබත්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. (ම/උ බී 516/16)

මිට අමතරව ප්‍රසන්න රණවීරට එරෙහිව ලැබී ඇති බරපතල චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සජින් : මිලියන 35ක වංචාවක්‌ !

මේ අතර, මිහින් ලංකා සමාගමට අයත්ව තිබූ රුපියල් මිලියන තිස්‌පහකට අධික වටිනාකමෙන් යුත් බස්‌ රථ දෙකක්‌ සහ සුඛෝපභෝගී මෝටර් රථයක්‌ විකිණීමේදී සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත්‍රි සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (28) ප්‍රශ්න කර ඇත.

මිහින් ලංකා සමාගමේ තිබූ රුපියල් මිලියන 33 ක්‌ වටිනා බස්‌ රථ දෙකක්‌ විකිණීමේදී ඇතිවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ප්‍රශ්න කිරීමේදී එම සමාගමේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක්‌ අස්‌ථානගතවීම සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය වී තිබේ.

මිහින් ලංකා සමාගමේ වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා කළ දැනුම් දීමකට අනුව සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා ඊයේ පෙරවරු 9.30 ට පමණ පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment