රනිල්ට එරෙහිව විශ්වාසභංගයක්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර මහතා කියා සිටියේ බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන තොරතුරු අනුව විශ්වාසභංග යෝජනාව ගෙන එන කාලසීමාව තීරණය වන බවයි.

බැඳුම්කර වංචාව සිදුවන අවස්ථාවේ මහබැංකුව අගමැතිවරයා යටතේ පැවැති හෙයින් ඔහුගේ අනුදැනුම හා ආශීර්වාදය යටතේ මෙම වංචාව සිදුව ඇති බව ඕනෑම කෙනකුට අවබෝධ වන බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පසුබිම සැකසුණා සේම ඉදිරි මාස දෙක තුළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පසුබිම සැකසෙනු ඇතැයිද හෙතෙම කීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment