ජන්දය කල්දාන්න දැන් ආණ්ඩුවට කිසිම හේතුවක් නැහැ - අනුර දිසානායක

ජන්දය කල්දාන්න දැන් ආණ්ඩුවට කිසිම හේතුවක් නැහැ - අනුර දිසානායක

 

පනත සම්මත වී දින 75කින් පසුව මැතිවරණය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද ප්‍රකාශ කර ඇති හෙයින් තවදුරටත් ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැමීමේ හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අතර පනත සම්මත වීමත් සමඟ රාජපක්ෂ කණ්ඩායම අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවද අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය. රජය සේවකයන්ට ජන්ද බලය අහිමි කිරීම සිදුව ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් එම අපේක්ෂා භංගත්වය පෙන්නුම් කරන බවයි හෙතෙම කියා සිටියේ.

"රාජ්‍ය සේවකයන්ට යම් සීමාවක් පැනවිලා තියෙන්නේ මේ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන නිසා. කොට්ඨාස තුළ රාජකාරී කරන ඇතැම් රාජ්‍ය සේවකයන් සාමාන්‍ය ජන ජීවිතය සමඟ බැඳුණු රජාකාරී වල නිරත වන නිසයි එම සීමා කිරීම පනවා තියෙන්නේ. මෙය අදාළ වෙන්නේ පළාත් පාලන මැතිවරණයට පමණයි. පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයට එය අදාළ වෙන්නේ නැහැ. රාජපක්ෂ කණ්ඩායමේ මේ කෝපයට හේතුවෙලා තියෙන්නේ ඔවුන්ට වාසි සහගත ලෙස තිබුණු විකෘති ජන්ද ක්‍රමය සංශෝධනය වීමයි."

එමෙන්ම අඩුපාඩු මැද වුවත් මෙම පනත කාන්තාවන්ගේ දේශපාලනය සඳහා ප්‍රතිගාමී සංශෝධන එක් කළ පනතක් බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය .

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment