රනිල් වික්‍රමසිංහ මහතාට දුන්නේ ණයට මඟුල් කාලා, බිරිය දික්කසාද කරපු ආණ්ඩුවක් …මේ ආණ්ඩුව සොලවන්න කාටවත්ම බැහැ…

kabir_16_12

රනිල් වික්‍රමසිංහ මහතාට දුන්නේ ණයට මඟුල් කාලා, බිරිය දික්කසාද කරපු ආණ්ඩුවක් යැයි එජාප මහ ලේකම් ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.මාවනැල්ල මහජන ක්‍රීඩාංගණයේ රුපියල් ලක්ෂ 160ක වියදමින් සකස් කරන නව දෙමහල් ක්‍රීඩා සංකීර්ණයේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කළේ පෝය ගණනාවක් ගතවුවද ආණ්ඩුව පෙරලිමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති වු බවයි.

"අපි භාර ගත්තේ ජාතික ආණ්ඩුවක් යටතේ එකට වැඩ කරන සංකල්පය මත. පළමු අවුරුදු දෙක තමයි ආණ්ඩුවට අමාරුම කාලේ වුණේ. ආණ්ඩුව පදම් වෙන්න පළමු අත්තිවාරම සකස් කරගන්න තිබුණු කාලෙත් අපි ගොඩක් වැඩ කළා. දැන් අපිට තියෙන්නේ මිනිසුන්ට ප්‍රතිලාභ දෙන්න.නමුත් මේ ආණ්ඩුව ප්‍රතිලාභ දෙන්නේ තෝරා ගත්ත පන්තියට නෙවෙයි. ඔබ අවුරුදු 20ක් බලා සිටියා. මේක තමයි ඔබ බලාපොරොත්තු වන ඔබගේ අපේක්ෂාවන් ඉටු කරන ඔබේ වාරය. අපි ඒ සඳහා සූදානම් කියලා මේ මොහොතේ කියන්නට කැමැතියි."

"මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඔය කියන බොහෝ පිරිස් ඇමැතිකම් දැරුවා. වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඔය කියන ඇමැතිවරුත් ඇමැතිකම් තියෙන කොට මේ ගම්වල ජීවත් වෙන මිනිසුන්ගේ වුවමනා එපාකම් ගැන කතා කළේ නැහැ. ඔවුන්ව බැලුවේ නැහැ. එහෙම නැතිනම් මේ ක්‍රීඩාංගණය හදන්නේ නැතිව ඉදියිද? අවුරුදු 20ක් බලයේ සිටියා. මේ ක්‍රීඩාංගණයට එන්නේ මහ ලොකු හයි ෆයි ළමයින් නෙවෙයි. මේ ක්‍රීඩාංගණයට එන්නේ ගමේ ගොඩේ ඉන්න අපේ දරුවෝ."

ඒ දවස්වල කොන්ත්‍රාත් එකක් දීලා පස්සේ ඔහු පස්සේ එළවනවා කොමිස් ගන්න. ඒක තමයි ඇත්ත. අද වුණත් ඒක කරනවා. කොන්ත්‍රාත්කරුවකුට වැඩක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ දූෂණය නැති කරන්නයි අපි මේ වෙනසක් ඇති කළේ. ඉතින් අපි මේ කෙටි කාලය තුළ සැලැස්ම හදලා මුදල් අනුමත කරලා. මුල් ගල් තිබ්බා. නමුත් මේවා පැළවෙන මුල් ගල් නෙවෙයි.

ඒ අය නියෝජනය කළේ මේ රටේ පොදු ජනතාව නෙවෙයි. එයාලා නියෝජනය කළේ එක්තරා පන්තියක්. එක්තරා පැලැන්තියක්. ඔය කොන්ත්‍රාත්කරුවන් නියෝජනය කරන්නේ කොළඹ 7 සිටින කොක්ටේල් සමාජය, ජාවාරම්කරුවන්ගේ පන්තිය තමයි නියෝජනය කරන්නේ?

දැන් ඒ අය තමයි කියන්නේ මේ රටේ වැඩ වෙන්නේ නැහැ කියලා. ඔව් ඒ වාගේ ජාවාරම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට වැඩ වෙන්නේ නැහැ තමයි. ඒ නෝනලා හවස කොළඹ 07 ක්ලබ් ගිහින් වයින් එකක් අරගෙන බොනකොට කියනවා අනේ මේ ආණ්ඩුව වැඩක් නැහැ කියලා. ඔවුන්ට වැඩක් නැහැ තමයි. දැන් ඔවුන්ගේ මහත්වරුන්ට කොන්ත්‍රාත් නැහැ.

අපි ඕවා කරන්න නෙවෙයි මේ ආණ්ඩුව ගත්තේ. අද බලන්න මේ ප්‍රදේශයේ ගම්වල කොයි තරම් වැඩ වෙනවාද? ඔබතුමන්ලාගේ හදවතට තට්ටු කරලා කියන්න මට දැන් වෙනකොට අපි කොච්චර වැඩ කරලා තිබෙනවාද?

අපේ යහපාලන ජාතික සංකල්පය සමහර අයට දරා ගැනීමට අපහසු වී තිබෙනවා. ඊළඟ වෙසක් පොහොයට බලය ගන්න සිහින දකිනවා. එහෙම පුළුවන් නම් වෙසක් පොහොයක් නිර්මාණය කරලා දෙන්න ලෑස්තියි. මේ ආණ්ඩුව සොලවන්න කාටවත්ම බැහැ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment