දකුණු පළාත් සභා සෙංකෝලය වැසිකිලියේ

දකුණු පළාත් සභා සෙංකෝලය වැසිකිලියේ

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණු අතර යෝජනාවට විපක්ෂව ඡන්ද 27 ක් ලැබී තිබේ. විශේෂත්වය වන්නේ ඡන්දය විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත්ව සිටීමයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස මන්ත්‍රීවරුන් යෝජනාවට විපක්ෂව සිය ඡන්දය ලබා දී තිබේ.

මහ ඇමති ෂාන් විජයලාල් මහතා යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර එජාප මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා පළාත් සභා සෙංකෝලය රැගෙන වැසිකිලිය වෙත දුවගොස් තිබේ. උණුසුම්කාරී තත්වය අතරතුර සෙංකෝලයට හානි සිදුකර ඇති අතර පක්ෂ විපක්ෂ නියෝජිතයන් අතර ගුටැ-බැට හුවමාරුවක් ද සිදුව තිබේ.

සෙංකෝලය කොටස් හතරකට කැඩී ඇති අතර පසුව කොටස් එකිනෙක සකස් කර නැවත සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment