ජනරාල් ජගත් ජයසූරිය මහ රෑ බ්‍රසීලයෙන් පළා යයි- අද හවස ලංකාවට!

ජනරාල් ජගත් ජයසූරිය 2015 වසරේ පටන් බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය විඳිමින් පසුවිය. මේ වන විට ඔහු ඩුබායි හරහා ලංකාවට පැමිණෙමින් සිටින අතර, අද සවස හෝ රාත්‍රිය වන විට ලංකාවට ගොඩ බැසීමට නියමිත ය. යුද්ධයේ අවසන් දිනවලදී සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය, අතුරුදන් කිරීම, වධහිංසා පැමිණවීම සහ රෝහල් වලට පහරදීම වැනි චෝදනා සම්බන්ධයෙන් හිටපු හමුදා ජනරාල්වරයාට එරෙහිව යුධ අපරාධ නඩු පැවරීමට දකුණු ඇමරිකානු මානව හිමිකම් සංවිධාන කටයුතු කර තිබේ.

2007-2009 සමයේ වන්නි මෙහෙයුමේ අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කිරීමෙන් අනතුරුව ජගත් ජයසුරිය ජනරාල් තනතුරට උසස් කරනු ලැබිය. මේ වන විට ඔහු බ්‍රසීලයේ පමණක් නොව කොළොම්බියාව, පේරු, චිලී, ආර්ජන්ටිනා සහ සුරිනේම් යන රටවල ද තානාපතිවරයා ය. ඔහුගේ මෙම තානාපති විනිර්මුක්තිය මෙකී සියලු රටවලින් ඉවත් කර ඔහුව නඩු අසා පිටුවහල් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන විසින් අවධාරණය කර තිබේ. 

ජගත් ජයසූරිය මෙසේ ලංකාව බලා පළා එන්නේ බ්‍රසීලය සහ කොළොම්බියාව විසින් ඊයේ දිනයේ ඔහුට එරෙහිව යුධ අපරාධ නඩු පැවරීමෙන් පසුව ය. ඔහුට බ්‍රසීලයෙන් පළායාම සඳහා ඉහළ පෙළේ අයෙකුගෙන්  සහයෝගය ලැබුණු බවට ද වාර්තා තිබේ.

  කෙසේ නමුත් ජනරාල් ජගත් ජයසූරිය ට අත්වෙන්නට යන්නේ කෙහෙල් ගහට ඇන හොට පටලාගත් කොට්ටෝරුවාට අත්වූ ඉරණම ය. ජගත් ජයසූරියට එරෙහි යුධ අපරාධ නඩුව මෙහෙයවමින් සිටින්නේ කාලෝස් ෆර්නැන්ඩස් නමැති සුප්‍රසිද්ධ නීතිඥයෙකි. ඔහු ග්වාතමාලා, ආර්ජන්ටිනා සහ චිලී යන රටවල අන්තර්ජාතික යුධ අපරාධ අධිකරණවල නඩු මෙහෙයවූ අයෙකි. ලංකාවේ රණවිරු උන්මාදය සහ ඊනියා ස්වාධිපත්‍යය හමුවේ බලධාරීන් විසින් ජනරාල් ජගත් ජයසූරියව සඟවා ඔහුට ආරක්ෂාව සපයන්නට ඉඩ ඇතත්, මේ වන විට මුලු ලෝකයම ලංකාව දෙස බලාසිටින්නේ, ඔහුව අත්අඩංගුවට ගැනීමට ලංකාව සහයෝගය ලබාදේ ද යන්න පිළිබඳව ය. යම් අයෙකුට විරුද්ධව අන්තර්ජාතික වශයෙන් නඩු පැවරී තිබේ නම් ඔහු කුමන රටක සිටියත් අත්අඩංගුවට ගෙන අදාළ අධිකරණයට ඉදිරිපත් කළ හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment