පුත්තලම මූලික රෝහල් ආපන ශාලාවේ උදෑසන ආහාරයේ තිබී කැරපොත්තෙක් හමුවෙයි

PUTTHALAM)_S

 

පුත්තලම   මූලික රෝහලේ පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවේ පිලියෙළ කර තිබූ උදෑසන ආහර වේලක තිබී (29) වන දින කැරපොත්තෙකු හමුව ඇති බවට නේවාසික රෝගියෙකු පුත්තලම මහජන පරික්ෂක කාර්යාලයට කල දැණුම් දීමකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් පැමිණ වැටලීම් සිදු කර ඇති බව කියයි.

පුත්තලම මූලික රෝහල් පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන ආපන ශාලාවේ අලෙවි කිරීමට පිළියෙල කර තිබූ බතල උදෑසන ආහාර වේල සදහා නේවාසික රෝගියෙකු විසින් රැගෙන ගොස් කෑමට ගන්නා අවස්ථාවේදී එහි තිබී කැරපොත්තෙකු හමුව ඇති බවත්, ඉන් අනතුරුව අදාල රෝගියා මහජන සෞඛ්‍ය පරික්ෂඛ නිළධාරින් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම වැටලීම සිදු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරුව ආපන ශාලාවේ හිමිකරුට විරුද්ධව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් කටයුතු කර ඇති අතර, අදාල හිමිකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ආපන ශාලා හිමිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කල අතර, අධිකරණය මගින් ඔහුට තරයේ අවවාද කර ඇති බව පුත්තලම මහ ජන සෞඛ්‍ය පරික්ෂණ කාර්යාලය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මහජන පරික්ෂක නිළධාරින් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

සටහන සේයා රූ

පුත්තලම කේ.ප්‍රියංකර

2017.08.29

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment