ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනට එන්න හිටපු එල්ටීටීඊ සමාජීකයන්ට ආරාධනයක්

VAJIRA

දකුණේ යුද්ධ කරපු අයට දකුණේ ජනතාව වෛර නොකර ඔවුන් සමග එක්ව කටයුතු කරනවා වගේ ම උතුරේ යුද්ධ කරපු අය සමඟත් එක්ව කටයුතු කළ යුතුයි'' යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.ඊයේ (27) වැලිඔය, පැවැති ''නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ'' ප්‍රාදේශීය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ ප්‍රදේශවල එල්ටීටීඊ සංවිධානය සමග එක්ව සිටි අය ඉන්නවානම් අපි ඔවුන්ට ආරාධනා කරනවා එළියට ඇවිත් තමන් කැමති ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට එකතුවෙලා හෝ නැතිනම් රාජ්‍ය සේවයට එකතුවෙලා හෝ මේ රට හදන කාර්යයට උරදෙන්න කියලා.

ඇතැම් අය හිතනවා උතුරු නැගෙනහිර ජනතා ගැටළු තියෙන්නේ යුද්ධය නිසා කියලා. මේ ප්‍රදේශ දුෂ්කරයි. අවුරුදු 30 ක යුද්ධය නිසා පීඩාවට පත්වූ ජනතාවක් තමයි ජීවත් වන්නේ. නමුත් අද අපිට විසඳන්න වෙලා තියෙන ප්‍රශ්න යුද්ධය නිසාම ඇතිවූ දේවල් නොවෙයි. ඔබ සිතනවා ඇති උතුරේ යුද්ධය නිසා තමයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. නැහැ. එය එසේ නොවෙයි. මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර පැවැත්වුවා. ගාල්ලේ යුද්ධය තිබුණේ 1987, 88, 89 කාලයේ. අදින් බොහෝ කාලයකට ඉස්සෙල්ලා. ගාල්ලේ නිවාස 316,000ක් තියෙනවා. අපිට ප්‍රශ්න එකතුවුණා 250,000ක්. ඒවා යුද්ධය නිසා ඇතිවූ ප්‍රශ්න නෙවෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ හැඳුනුම්පත් නැති අය 18,000ක් හිටියා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 30ක් තියෙනවා. ඒ දිස්ත්‍රික්කයේ නොවිසඳුණු ජනතා ගැටළු 540,000ක් එකතුවෙලා. මේවා යුද්ධය නිසා ඇතිවූ ප්‍රශ්න නොවෙයි.

අපි දන්නවා ඔබට තිබෙන ප්‍රශ්න සුවිශේෂීයි. අනිත් ප්‍රදේශවල අයට වඩා ඔබ දුක්විඳ තිබෙනවා. නමුත් හැම තැනම තියෙන් උතුරේ හෝ වේවා නැගෙනහිර හෝ වේවා දකුණේ හෝ වේවා වයඹ හෝ වේවා ප්‍රශ්න එක සමානයි. මේවා රාජ්‍ය නිලධාරීන්ගේ වරදින් සිදුවන දෙයකුත් නොවෙයි. ඒ අය චක්‍රලේඛ අනුව වැඩකරනවා. නමුත් ඔබට ඇති ප්‍රශ්නය එක තැනකින් විසඳා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදියට නිල මෙහෙර වැඩසටහන කරමින් ගමින් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන්නේ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බලාපොරොත්තු වෙන්නේ මේ වසර දෙකක කාලයක දී සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න. එවිට රටේ පාලනය පහසුයි. රාජ්‍ය යාන්ත්‍රණයට වැඩ කරන්න පහසුයි. රටේ ජනතාවට සැනසීමක් තියෙනවා. අපිට අද දෙන්න සිදුවෙලා තියෙන්නේ ඇතැම් විට අදින් වසර 70ට පෙර ලබාදුන් ඉඩම්වල ඔප්පු. මේ ඉඩම් ඔප්පු ලබාගන්නේ එදා ඉඩම ලබාගත් අයගේ මුණුපුරන්.

අපි රාජ්‍ය සේවය ඔබේ දෙපාමුළට ගෙන එනවා. ඔබට හැකියාව තිබෙනවා මේ සියලු සේවාවන් නොමිළයේ ලබාගන්න.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment