ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයෙක් ඉල්ලා අස්වෙති.


කැබිනට් මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා හා තවත් සාමාජිකයෙක් ඉල්ලා අස්වී තිබේ.

අප කළ විමසීමකදී මෙම කමිටුවේ සාමාජික ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, කමිටු සභාපති ජී.එස්. විතානගේ මහතා ඉල්ලා අස්වීම දන්වා ඇති බව ය.

මීට අමතරව මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මූල්‍ය අධ්‍යක්ෂ ජේ.ආර්.එල්. වසන්ත මහතා ද ඉල්ලා අස්වී ඇතැයි බටගොඩ මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දන්වා තිබේ.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් විනිවිද භාවයෙන් සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත මෙම ස්ථාවර ප්‍රසම්පාදන පත් කර තිබේ.

(News 1st)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment