දුම්රිය බම්බු ගේට්ටුකරුවන් වව්නියාවේ සිට කොළඹට පා ගමනින්!

දුම්රිය බම්බු ගේට්ටුකරුවන් වව්නියාවේ සිට කොළඹට පා ගමනින්!

පසුගිය සිකුරාදා (25) මෙම පා ගමන "නීතිය වෙනුවෙන් ජනපති හමුවට පා ගමනක්' යන්නෙන් වව්නියාවෙන් ආරම්භ කර තිබුණි. මෙතෙක් කාලයක් ඔවුන්ට වැටුප් ලබා දී ඇත්තේ පොලීසියෙනි. ඒ,දිනකට රු. 250ක මුදලකි.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වසර හතරක කාලයක් මෙම කැපකිරීම කළද කිසිදු බලධාරියෙක් තම රැකියාව සුරක්ෂිත කිරීමෙන් මැදිහත් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ වන විය දිවයින පුරා දුම්රිය බම්බු ගේට්ටුකරුවන් 2368ක් සිටින අතර සියලු දෙනාට සාධාරණය ඉටුකර දෙන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment