හාවි ලුසියානාවට කඩා වදියි

හාවි ලුසියානාවට කඩා වදියි

මෙම තත්ත්වය නිසා, ටෙක්සාස් හි ඇති වූ ජල ගැලීම් තත්වය පහව ගොස් ඇති අතර, එය දැන් නැගෙනහිරට ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එමගින් අඟල් 8-12 ක් පමණ ජල මට්ටමක් ඇති කරනු ඇති බවටත් ජාතික කාලගුණ සේවය පවසයි. 

බෝට්ටු සහ හෙලිකොප්ටර් වැනි ගළවා ගැනීමේ සේවාවන් ලුසියානාව පුරා රාජකාරියේ යොදවා ඇති අතර, හාවි විසින් පැයට සැතපුම් 30-40 ත් අතර සුළං හා අඩි 2-4 අතර කුණාටුවක් ටෙක්සාස්-ලුසියානා දේශසීමාව ආශ්‍රිතව දැනටමත් ඇතිකර තිබේ. 

“මේ ගිම්හාන සමයේ වැසි රැසක් ඇති වූ රාජ්‍යයක් සමගයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා ඇති විය හැකි ගංවතුර තත්වයන් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. එ් වගේම අවධානයෙන් සිටිනවා.” යැයි ලුසියානා ජාතික ආරක්ෂක සංගමයේ පොදු කටයුතු නිලධාරියෙකු වන කර්නල් බුෂ් පැවසුවේය. 

-ඡවිනි අභයසිංහ

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment