වෙහෙර විහාර සංවර්ධනයට රජයේ සහයෝගය අවශ්‍යයි!

mul_30_08_2017

මෙරට විහාරස්ථාන වල ප‍්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු කරමින් බෞද්ධාගමික ප‍්‍රබෝධයක් ඇති කිරීම සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බවත් ඒ පිළිබඳව තමන් වහන්සේගේ ප‍්‍රසාදය පළ කරන බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසා තිබෙනවා.

මහමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මධ්‍ය ලේකම්ගේ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ උන් වහන්සේ උඩගුන්නෑපාන බෝධිමල්කඩ පුරාණ විහාරයේ නව ධර්ම ශාලාව සහ දහම් පාසැල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාව සඳහා සහභාගිවෙමින් මහනාහිමියෝ ඒ බව ප්‍රකාශ කළ බවයි.

මෙරට වෙහෙර විහාරස්ථාන 300 ක පමණ ප‍්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් වැඩ සටහනක් කි‍්‍රයාත්මක වන බවත් මේ ආකාරයට විහාරස්ථාන දියුණු කිරීමට රජයේ සහය නිරන්තරව ලැබෙන බවත් කී උන්වහන්සේ වෙහෙර විහාර දියුණු කිරීම සඳහා දායකසභා නියෝජනය කරන දුප්පත් ජනතාවට අසීරු බැවින් රජය මෙලෙස සහයෝගය ලබා දීම අගය කරන බව ද ප‍්‍රකාශ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment