බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ‘උමා ඔය ව්‍යාපෘතියේ නිලධාරියෙක් ‘ නෑ

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ‘උමා ඔය ව්‍යාපෘතියේ නිලධාරියෙක් ‘ නෑ


ඊසාන දිග මෝසම් වැසි ඇද හැලීමට තවත් දින 20 කට අඩු කාලයක් පවතින බැවින් ද, මේ වන විටත් බදුල්ල දිසාපතිවරයා උමා ඔය සහන කටයුතු ‘අවුලෙන් අවුලට පත් කර ඇති බැවින් ද‘ ඊයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ජනතා නියෝජිතයින් සමග රජයේ නිලධාරීන්ට සහන කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට පැවති අවස්ථාව විය.  උමා ඔය ව්‍යාපෘතියේ කිසිදු වගකිව යුතු නිලධාරියෙකු ගෙන්වා ගැනීමට බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතා කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අවස්ථාව ද අහිමි විය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ දී අවස්ථා 6 ක දී ‘උමා ඔය පිළිබද‘ සාකච්ඡා කෙරෙනු නමුත්, නිසි බලධරයෙකු නොමැති බැවින් කිසිදු කරුණක් පිළිබද අවසන් තීරණයක් ගනු නොලැබීය. 

රජයේ තක්සේරුකරුගේ නිර්දේශ බදුල්ල දිසාපති විසින් ප්‍ර‍තිකේෂ්ප කිරීම නිසා උමා ඔය නිවාස කුළි ගෙවීම අද දින කැබිනට් මණ්ඩලයට යොමු කර ඇත.
උමා ඔය හේතුවෙන් අවතැන් වූ පළමු කාන්තාවට රු. 7500 ක ගෙවල් කුලීයක් ගෙවීම ද බදුල්ල දිසාපතිවරයා විසින් ප්‍ර‍තික්ෂේප කොට ඇත.
උමා ඔය සහන කටයුතු සිදු කරන ග්‍රාම නිලධාරීන්ට රු. 1500 ක දීමනාවක් ගෙවීම තාක්ෂණික කරුණක් යැයි පවසමින් කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකිරීමට ද දිසාපතිවරයා කටයුතු කර ඇත.  කොළමින් යැවූ නිලධාරීන්ට අතිකාල දීමනා ගෙවීම බදුල්ල දිසාපතිවරයා විසින් ප්‍ර‍ත්කේෂ කොට ඇති අතර එය ද සිදු කර ඇත්තේ මහවැලි අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනි.

පෙර සවි නිවාස හෝ තාවකාලික නිවාස හෝ අවම වශයෙන් විශාල පිරිසකට එකවර සෙවන සැලසිය හැකි ස්ථානයක් හෝ සකස් කිරීම ද දිසාපතිවරයා විසින් දිගින් දිගටම අතපසු කරමින් සිටී. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment