ති‍්‍රරෝද රථයක් මතට ගසක් කඩා වැටිමෙන් ති‍්‍රරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේම මරුට

TRE_TRE

හැටන් දික්ඔය් සිට තලවාකැලේ දක්වා ධාවනය වු ති‍්‍රරෝද රථයක් මතට ප‍්‍රධාන මාර්ගය අභියස තිබු තූනා ගසක් කඩා වැටිමෙන් එම ති‍්‍රරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් එම ස්ථානයේම මියගොස් එම ති‍්‍රරෝද රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇති බව තලවාකැලේ පොලිසිය පවසනවා.

මෙම අනතුර අද (29.08) දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර් ප‍්‍රදේශයේදිය. ප‍්‍රදේශයේ පැවති අධීක වර්ෂාවත් සහ තද සුළංගගක් හේතුවෙන් මෙම ගස ප‍්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති බවයි පොලිසිය පැවසුෙවි. ගස කඩා වැටිමෙන් ති‍්‍රරෝද රථය තුල සිරවි සිටි කාන්තාව ප‍්‍රදේශවාසින් එක්ව දැඩි පරිශ‍්‍රමයක් දරා කඩා වැටුණු ගසේ අත්ත කපා ඉවත් කිරිමෙන් පසු රෝහල් ගත කරනු ලැබුවා.

එම ගස කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් සමිපුර්ණයෙන්ම ඇණ හිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ TREEE (1) TREEE (1) TREEE (2) TREEE (3) TREEE (4) TREEE (5) TREEE (6) TREEE (7) TREEE (8) TREEE (9) TREEE (10) TREEE (11) TREEE (12) TREEE (13) TREEE (14) TREEE (15)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment