ජාතික ආර්ථික සභාව ක්‍රියාත්මකයි

ජාතික ආර්ථික සභාව ක්‍රියාත්මකයි

 

ආර්ථිකය නිසිලෙස කළමනාකරණය කරමින් ශක්තිමත් ආර්ථිකයක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මෙම ආයතනය පිහිටුවීමට නියමිතය.
මීට පෙර ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තීරණ ගැනීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව හරහා සිදුකළ අතර ජාතික ආර්ථික සභාව පිහිටුවීමත් සමග ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි වී යාමට නියමිතය. නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ ආර්ථික කලමනාකරණ කමිටුව පනතක් හරහා පිහිටවූ නීත්‍යනුකූල කමිටුවක් නොවන බවයි.
ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි රටට ණය, ආධාර ලබාදෙන ආයතනය හා ආර්ථිකයට සම්බන්ධ සියලු දේශීය පාර්ශවයන් සමග සිදුකළ සාකච්ඡාවලින් පසුව මෙම ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තීරණය කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන මෙම ආයතනය සඳහා අගමැතිවරයා, මුදල් ඇමතිවරයා, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් ඇතුළත් වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment