රජරට වකුගඩු රෝගයෙන් මිය යන සංඛ්‍යාවේ වර්ධනයක්!

රජරට වකුගඩු රෝගයෙන් මිය යන සංඛ්‍යාවේ වර්ධනයක්!
 
මෙම අවසරේ ආරම්භයේ සිට  මේ දක්වා ගෙවුණු කාලය තුළ වකුගඩු රෝගය හේතුවෙන් පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් ඇති බවයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ. එම සංඛ්‍යාව රෝහලේදී මිය ගිය ප්‍රමාණය වන අතර ඇතැම් අය නිවසේදීම මියයන අතර එම සංඛ්‍යාව රෝහල් වාර්තා වලට ඇතුළත් නොවේ. ඒ අනුව වකුගඩු රෝගය හේතුවෙන් මියයන සංඛ්‍යාව තවදුරටත් වැඩි වියයුතු බව වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පෙන්වා දී ඇත. 
 
2016 වසරේදී පමණක් වකුගඩු රෝගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිය ගිය ගණන 296කි. මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ හදුනා ගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව 13451කි. මේ වන විට සෞඛ්‍ය අංශ සතුව පවතින වාර්තාවන්ට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන් 213583කට වකුගඩු රෝගය පවතින බව හඳුනා ගෙන ඇත. පසුගිය කාලය තුළ  වකුගඩු රෝගීන් වාර්තා වීම අඩු වී ඇති බවට වාර්තා පළ  වුවද එම ප්‍රදේශයන්හි පවතින තත්ත්වය අනුව එය රට මුලා කිරීමක් බවයි රජරට වැසියන් පෙන්වා දෙන්නේ. වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා කෘෂි රසායන භාවිතය අඩු කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන් රජරට වැසියන්ට උපදෙස් දුන්නද ඉන් ප්‍රතිපලයක් අත්ව ඇත්දැයි සොයා බලන ලෙස ඔවුහු  බල කර සිටිති. 
 
මේ අතර දිගු කාලයක් සිට කෘෂි රසායන භාවිතයට වගාවන් හුරු වී ඇති හෙයින් එකවරම ඒවා භාවිතා කිරීම නැවතිය නොහැකි බවත් ගොවියන්ට වැඩි අස්වැන්නක්  වෙනුවෙන් විවිධ රසායනික භාවිතයට හුරු කළේද අද ඒවා භාවිතයෙන් වළකින්නැයි කියන දේශපාලකයන් බවද ඔවුහු පෙන්වා දෙති. 
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment