ශ්‍රීලනිපයෙන් ආදර්ශයක් : සංවත්සරයට මත්ද්‍රව්‍ය, ලංගම නෑ!


බීමත්ව හා මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය පැවැත්වෙන භූමියට ඇතුළත් කර නොගැනීමට පක්ෂය තීරණය කර තිබේ.

මේ නිසා බීමත්ව සිටිනා පුද්ගලයන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකු සංවත්සරයට කැඳවා ගෙන ඒමෙන් වළකින ලෙසට සංවිධායකවරුන්ට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව ලංගම බස් රථ භාවිතා නොකර හැකිතාක් පෞද්ගලික බස් රථවලින් ජනතාව රැගෙන ඒමට කටයුතු කරන ලෙසට විධායකවරුන්ට දන්වා තිබේ.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment