තේරීම් කමිටු සභාපති පුටුවට රොෂාන් මහානාම.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම තරඟ තීරකයෙකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම තෝරාපත් කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින තොරතුරු වාර්තාවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති විවේචන ඔවුන්ගේ ඉල්ලා අස්වීමට හේතුව වී තිබුණා.

එමෙන්ම විවිධ පාර්ශ්වයන්ගේ උසිගැන්වීම්, ද්වේශ සහගත සිතුවිලි, අනිසි විවේචන, මහජන නොසන්සුන්තාවයන්, විවිධ හැසිරීම් තුළින් සමස්ත ශ්‍රී ලංකාව කෙරෙහිම වැරදි සහ වේදනාකාරී පින්තූරයක් ජාත්‍යන්තර ඉදිරියේ නිර්මාණය කිරීමට දායක වෙනු ඇති බවද ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් පෙන්වා දී තිබුණා.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් හිස්වන ධූරයන්ට මෙසේ රෝෂාන් මහානාම ප්‍රමුඛ තේරීම් කමිටු සමාජිකයන් පිරිසක් පත් කිරීමට නියමිත බව වර්තා වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති බවතොරතුරු වාර්තා වනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment