රක්වානේ සිසුවිය මරා ඇත්තේ කසිප්පු බොන්න රුපියල් 210 ගන්න - දූෂණයක් සිදුවී නෑ


රක්වානේ සිසුවිය මරා ඇත්තේ
කසිප්පු බොන්න රුපියල් 210 ගන්න
දූෂණයක් සිදුවී නෑ

පසුගිය සතියේ 23 හා 24 දිනවල නිවසේ තනිව සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ අවාසනාවන්ත ඝාතන දෙකක් වාර්තා වුණා.
එක් ඝාතනයක් සිදු කර තිබුනේ කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියකගේය. ඇය නිවසේ තනිව රූපවාහිනිය නරඹමින් සිටියදී අසල්වැසි තරුණයෙකු පැමිණ ඇයව දූෂණය කර මරාදමා තිබුණි. දික්කසාදවී නිවසක මව සමග සිටි බව කියන ඔහු සිසුවිය දූෂණය කර තමාව අපරාධයට හසුවේ යයි බියෙන් ඇයව මරා දමා තිබුණා.
දෙවැනි ඝාතනය සිදුවූයේ හරියටම ඊට පසුදා රත්නපුර රක්වාන ප්‍රදේශයේදීය. මව මියගොස් තිබුණ නිවසක පියාගේ රැකවරණය යටතේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවිය එදින නිවසේ තනිව පාඩම් කරමින් සිටින අතරතුර
අසල්වාසී නිවසක මතට ඇබ්බැහිවූ පුද්ගලයෙකු සොරකමේ ඇවිත් ඇයව ඝාතනය කර තිබුණි. මියගිය සිසුවියට පෙම්වතෙකු සිටි අතර ඔහු ඇයට ඇමතුම් දෙද්දී දිගටම විසන්ධි කිරීමේ සැකය මත සිසුවියගේ පියාට දන්වා සොයා බැලීමේදී ඇයව නිවසේ ඝාතනය කර ඇති බව හෙළි විය.
රක්වාන පොලිස් බල

ප්‍රදේශයේ නැඟෙනහිර බටයාය ප්‍රදේශයේදී මෙම දීපිකා ප්‍රියදර්ශනී  19 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ඝාතනය කර ඇත්තේ රුපියල් 210ක් වැනි සුළු මුදලක් හා ඇගේ ජංගම දුරකතනය කොල්ලකෑමට බව ඒ පිළිබඳව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පැල්මඬුල්ල ධර්මාලෝක මහා විදුහලේ උසස් පෙළ කලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි ඇගේ මව මෙයට වසරකට පමණ පෙර සියදිවි හානි කරගෙන ඇති අතර මේ සිසුවිය පියා සමඟ නිවෙසේ දිවි ගෙවා ඇත.
ඉකුත් සතියේ 24 දින ඇගේ පියා තේ දලු නෙලීම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවේ නිවෙසේ සිටි සිසුවිය ගෙල කපා ඝාතනය කර තිබිණි.

රක්වාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඒ. එම්. බමුණුසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මේ පිළිබඳව මූලික විමර්ශන සිදුකොට ඝාතනය සිදු වී

පැය 24ක් ගතවීමටත් මත්තෙන් බටයාය ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අවිවාහක පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සැකකරු මීට වසරකට පමණ පෙර තවත් මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි අයකු බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අධික ලෙස මත්පැන් පානය කිරීමට පෙලඹී සිටින සැකකරු මත්පැන් පානය කිරීමට අවශ්‍ය මුදල් හා රන්බඩු කොල්ලකෑමේ අරමුණින් සිසුවියගේ නිවෙසට ඇතුළු වී ඇති බවත් එහිදී සිසුවියගේ කෑ ගැසීම නිසා නිවෙසේ තිබූ පිහියකින් ඇගේ ගෙල කපා දැමූ බවත් සැකකරු පවසා ඇත. පාසල් සිසුවිය ඝාතනය කිරීමෙන් පසු නිවෙසේ තිබූ රුපියල් 210ක මුදලක් හා ජංගම දුරකතනයක් ද රිදි පැහැති මාලයක කොටසක්ද රැගෙන පලාගිය බවද සැකකරු පවසා ඇත.
රුපියල් 210ක මුදල කසිප්පු තිප්පොළකට දී මත්පැන් පානය කළ සැකකරු ජංගම දුරකතනය හා මාලයක කොටස තමන් සන්තකයේ තබාගෙන ඇත. පොලිසිය මඟින් මෙම උපකරණ සොයා ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පාසල් දැරියගේ මළ සිරුරේ යටිකය ඇඳුම් ඉවත්ව තිබුණද ඇය කෙලසීමට ලක්වී නොමැති බව රත්නපුර මහ රෝහලේ පැවැති අධිකරණ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු පැල්මඬුල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් සරත් විජය ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment