ක්‍රිකට් බෝතල් සිද්ධිය ඉන්දීය පුවත්පත් වාර්තා නොකරති


ක්‍රිකට් බෝතල් සිද්ධිය 
ඉන්දීය පුවත්පත් වාර්තා නොකරති

ඊයේ පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව
හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගයට බාධා කරමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් බෝතල් වලින් පහරදීමේ අමිහිරි සිදුවීම අද (28) ඉන්දියාවේ ප්‍රධාන පුවත්පත් කිසිවක් වාර්තා කර නැත.
ද හින්දු , ටයිම්ස් ඔෆ් ඉන්දියා,ඩෙකෑන් ක්‍රොනිකල් වැනි ප්‍රධාන ප්‍රවත්පත් සියල්ල මෙම සිදුවීම සඳහන් නොකර ඉන්දියාවට ලැබුණ ජයග්‍රහණය ගැන
ප්‍රශංසාත්මක ලිපි පළ කර තිබුණි. අකිල ධනංජයගෙන් අභියෝග සිතූ තරම් නොලැබුණ බවක්ද ඇතැම් පුවත්පත් වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඉන්දියාවේ පළවන ඩේලි නිවුස්

ඇලර්ට් පුවත්පත පමණක් අදාළ සිදුවීම වාක්‍ය කිහිපයකින් විස්තර කර තිබුනේ ඒඑෆ්පී වාර්තාවක් උපුටා දක්වමිනි. නමුත් ඡායාරූප කිසිවක් පළකර තිබුනේ නැත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment