පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට - තිස්ස නැවත එජාපයට?


හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීට තීරණය කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

වාර්තා වන පරිදි පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ. මෙම සියලු මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කරයි.

මේ අතර හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්නනායක මහතා නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ තමන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව ඉදිරි ජාතික මැතිවරණයකදී දේශපාලන කටයුතු ආරම්භ කරන බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වුවද කිසිවිටෙකත් පක්ෂයෙන් ඉවත් නොවූ බවත්, තවමත් එජාප සාමජිකත්වය දරන බවත් ඔහු පවසයි.

තිස්ස අත්තනායක මහතා නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් එජාපයෙන් කිසිදු විරෝධයක් එල්ල නොවන අතර මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කර ඇත්තේ තිස්ස අත්නායක මහතාට එජාපයට එක්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment