පොහොට්ටු පක්ෂය අර්බුදයක…මහින්ද රාජපක්ෂ අසරණ වෙලා…

S.B.Dissanayake

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළ පොහොට්ටු පක්ෂය, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියත් එම පක්ෂය ද දේශපාලනික වශයෙන් පිරිහීම නිසා මහින්ද රාජපක්ෂ මහතා ද අසරණ වී ඇතැයි සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසනවා.

පාතදුම්බර ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් නොවන බව හොදින් දන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සභාපති තමන් යැයි කීමට තරම් දේශපාලනික වශයෙන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.

දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අර්බුදයකට මැදිහත් වී සිටිනවා. එක් පැත්තකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අනෙක් පසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටිනවා.කුමන දෙයක් සිදුවූව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂ සකස් කොට ගිය පිරිස් යළි පක්ෂය හා එක්වෙනවා.

මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායකයන් පක්ෂය කඩා ගෙන වෙනත් පක්ෂ සකස් කොට ගියත් ඔවුන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමි‚යා. ඊටත් ඉහත දී සී.පී.සී. ද සිල්වා, ටී.බී.ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, විජය කුමරතුංග ආදී විවිධ පිරිස් පක්ෂයෙන් ඉවත්ව විකල්ප ක්‍රම කරා යොමුවුවත් අවසානයේදී සිදුවුණේ ඔවුන්ට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයට ද එවැනි අත්දැකීම් තිඛෙනවා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ආදීන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගියත් අවසානයේදී ඔවුන්ට යළි පක්ෂය සමග අත්වැල් බැ`දීමට සිදුවුණා.˜ මහජන පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ආදිය ද මේ අයුරින් විකල්ප කණ්ඩායම්වලට ඛෙදී ගියත් අවසානයේදී ඔවුන්ට සිදුවන්නේ සිය මව් පක්ෂය හා එක්වීමටයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment