පුත්තලම රෝහලේ උදෑසන ආහාරයේ කැරපොත්තෙක්!

පුත්තලම රෝහලේ උදෑසන ආහාරයේ කැරපොත්තෙක්!

 

ආපන ශාලාවේ අලෙවි කිරීමට පිළියෙල කර තිබූ බතල උදෑසන ආහාර වේල සදහා නේවාසික රෝගියෙකු විසින් රැගෙන ගොස් කෑමට ගන්නා අවස්ථාවේදී එහි තිබී කැරපොත්තෙකු හමුව තිබේ.

ඉන් අනතුරුව අදාල රෝගියා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර තිබේ.

අනතුරුව ආපන ශාලාවේ හිමිකරුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, අදාල හිමිකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කර තරයේ අවවාද දී මුදාහැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මහජන පරික්ෂක නිළධාරීන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

පුත්තලම කේ.ප්‍රියංකර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment