කපුගෙදර කැපෙන්න හේතුව ආබාධයක්ද? අමනාපයක්ද?



කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී හෙට (31දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-ඉන්දියා සිවුවැනි එක්දින තරගය සඳහා තෙවැනි තරගයට නායකත්වය ලබා දුන් චාමර කපුගෙදර ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තා වන අතර, ඊට හේතුව ඔහු පිටකොන්දේ ආබාධයකින් පෙළෙන නිසා බවද පැවැසේ.

ඒ අනුව හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බොහෝ දුරට ලසිත් මාලිංගට හිමිවනු ඇතැයිද සඳහන් වේ.

දෙරට අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී නියමිත කාල වේලාවට අනුව පන්දු වාර සංඛ්‍යාව නොයැවීමේ වරදට ලක්වූ උපුල්

තරංගට මෙයට පෙර තරග දෙකක තහනමකට යටත් වීමට සිදුව තිබූ අතර, මේ හේතුවෙන් තෙවැනි තරගයේ නායකත්වය චාමර කපුගෙදරට හිමි විය. කෙසේ වෙතත් තෙවැනි තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමට පෙර පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්ව සිටියද කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවේ එම තරගයේදී නායකත්වය දැරූ චාමර කපුගෙදරගෙන් සිදු වූ අත්වැරැද්දකින් නිසා බව වාර්තා වන අතර, මෙම අත්වැරැද්ද නිසා ඔහු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ සහ
කළමනාකාරීත්වයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බවත්, හෙට පැවැත්වෙන තරගයෙන් ඉවත්වීමට එයත් හේතුවක් වී ඇති බවත්, වාර්තා පළ වී තිබිණි.

එසේ වුවත් ඔහු කණ්ඩායමෙන් ඉවත් වූයේ සැබවින්ම ආබාධයක් හේතුවෙන්ද එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාවෙන්ද යන්න ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (29දා) වන තෙක්ම කිසිදු නිවේදනයක් නිකුත් කර නොතිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment